Posts

Showing posts from December, 2017

ගීතයක අරුතක් 2

Image
පවනට සැලෙනා දොඹ මල් සුවඳින්  ආදර හසරැලි මුවට නැගෙයිදෝ  සවනට කොඳුරා පවසන වදනින්  ආදර හැඟුමන් සිතට දැනෙයිදෝ...  මල් ඇතිරුණු ඒ සුව යහනේ ඔබ  අඩවන් දෙනෙතින් ආලවඩයිදෝ  මා ඇකයේ සිට පොඩි පුතු හඬනා  ඒ දුක්‌බර හඬ ඔබට ඇසෙයිදෝ...  ඇකයේ සිට මා පුතු හඬනා සඳ  ලේ කිරි වී දැයි නොදනිමි මා ළඳ  අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ  දුටුවේ වැගිරෙන කඳුළු පමණි ළඳ...  පවනට සැලෙනා... ගායනය : ටී.එම්.ජයරත්න පද රචනය : ධර්මසිරි බණ්ඩාරනායක සංගීතය : ප්‍රේමසිරි කේමදාස මෙමෙ ගීතය ධර්මසිරි බණ්ඩාරනායක ගේ ප්‍රථම සහ අවසාන ගීත රචනය වෙනවා. ඔහු මෙය අබිනික්රමනය ලෙසද නම් කර තිබෙනවා.  කේමදාස මාස්ටර්ගේ අලංකාර තනුවෙනුත් TM ජයරත්නයෙන්ගේ කටහඩිනුත් වර්ණවත් වුනු මේ ගීතය 1970 දශකයේ මැද භාගේයේදී ගුවන් විදුලි සරල ගීයක් ලෙස ගැයූ ගීතයක්. අතිෂ සුලබ නොවන ප්‍රස්තුතයක් පදනම් කරගෙන තමිය් මේ ගීතය බන්රඩානයකයන් අතින් රචනා වෙලා තියෙන්න. කුල ගෙය හැර ගිය බිරිඳ ගැන, ඇයගේ ක්‍රියා කලාපය ගැන අයගේ සැමියා කරන ආවර්ජනාවක් තමයි මේ ගීතය තුල ගැබ් වෙලා තියෙන්නේ. සමාජයේ බොහෝ වෙලාවට ස