Posts

Showing posts from May, 2020

ගීතයක අරුතක් 3 - වන්නි වන පෙතේ

Image
ගීතයක අරුතක් 3 - වන්නි වන පෙතේ ගීය කාව්‍ය, නාද කාව්‍ය හා මානව කටහඩ කියන ත්‍රිරිපුද්ගල සම්මාදමෙන් බිහිවන අග්‍රගණය ඵලය තමයි ගීතය කියන්නේ. වර්තමානයේ බිවෙන රළු ගොරළු ගීත ව ලට වැඩ පැරණි ගීත වල අර්ථ රසයක් වගේම ශබ්ද රසයක් තිබුන. පැරණි ගීත අපේ හිත වල තාම තැන්පත් වෙලා තියෙන්න එකත් හේතුවක් වෙන්න පුළුවන්. හරියටම තේරුම දන්නේ නැති උනත් අපි අහල තියෙන ගීතයක් ගැන මම අද කතා කරන්න හිතුවා. බණ්ඩාර ඇහැලියගොඩ විසින් පද රචිත, ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීතයෙන් හා සුනිල් එදිරිසිංහ ගේ මියුරු කට හඩින් නිමවුණු නිර්මාණයක් තමයි “වන්නි වන පෙතේ” කියන සින්දුව. “වන්නි වන පෙතේ.. ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ.. වෙසතුරු සදිසි පියවරුන්.. අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්” පුරාණයේ අපේ ගම් බිම් වල හිටපු වෙස්සන්තරලා වගේ තාත්තලට නමස්කාර කරලා තමයි රචකයා මේ ගීතය පටන් ගන්නේ. “අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරන්න” කියල මුලදී ආරම්භ වෙන ගීතය ඊළඟ පද පේලි වලින් ඊ එහෙම කරන්න ඕන ඇය්  කියල හේතුව පැහැදිලි කරනවා. "කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම බත් බු