ගීතයක අරුතක් 3 - වන්නි වන පෙතේ


ගීතයක අරුතක් 3 - වන්නි වන පෙතේ


ගීය කාව්‍ය, නාද කාව්‍ය හා මානව කටහඩ කියන ත්‍රිරිපුද්ගල සම්මාදමෙන් බිහිවන
අග්‍රගණය ඵලය තමයි ගීතය කියන්නේ. වර්තමානයේ බිවෙන රළු ගොරළු ගීත
ලට වැඩ පැරණි ගීත වල අර්ථ රසයක් වගේම ශබ්ද රසයක් තිබුන. පැරණි ගීත
අපේ හිත වල තාම තැන්පත් වෙලා තියෙන්න එකත් හේතුවක් වෙන්න පුළුවන්.


හරියටම තේරුම දන්නේ නැති උනත් අපි අහල තියෙන ගීතයක් ගැන මම අද කතා
කරන්න හිතුවා. බණ්ඩාර ඇහැලියගොඩ විසින් පද රචිත, ආචාර්ය රෝහණ
වීරසිංහගේ සංගීතයෙන් හා සුනිල් එදිරිසිංහ ගේ මියුරු කට හඩින් නිමවුණු
නිර්මාණයක් තමයි “වන්නි වන පෙතේ” කියන සින්දුව.

“වන්නි වන පෙතේ..
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..
වෙසතුරු සදිසි පියවරුන්..
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්”

පුරාණයේ අපේ ගම් බිම් වල හිටපු වෙස්සන්තරලා වගේ තාත්තලට නමස්කාර කරලා
තමයි රචකයා මේ ගීතය පටන් ගන්නේ. “අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරන්න”
කියල මුලදී ආරම්භ වෙන ගීතය ඊළඟ පද පේලි වලින් ඊ එහෙම කරන්න ඕන ඇය් 
කියල හේතුව පැහැදිලි කරනවා.

"කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම
බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්”

ඉස්සර ගම වල ජීවත් උණු තාත්තලට තනියම කන්න පුරුද්දක් තිබුනේ නැ.
ඉස්සෙල්ලම බත් ගුලිය වෙන් කරනවා කොදුරුවන්ට, ඊට පස්සේ බිරිදට බත් කටක්
කවල තමයි තමයි කන්න පටන් ගන්නේ.ඒ වෙලාවේ ගමේ කෙනෙක් ගෙදර ලගින්
ගියොත් ඒ අයටත් ගෙදරට කන්න එන්න කතා කරන්න පුරුද්දක් තිබුනා.

(මුලින් බත් ගුලියක් වෙන් කරන කතාව කිව්වට පස්සේ කැම්පස් එකේ පළමු වසරේදී
කුරුණෑගල ලමයෙක් මට  කිව්වා කතාවක් මතක් උන.ඒ ළමය මගෙන් ඇවිත් ඇහුව
මචන් උබල රෑට කන්න කලින් බත් ටිකක් පැත්තකින් තියන්නේ නැත්ද කියල.
මම නැ කිව්වම, ඔහුගේ පිළිතුර උනේ, අඩෝ අපි නම් අහල තිබුනේ මාතර අය
පෙරේතය්න්ට කන්න බත් ගුලියක් මුලින් විසික් කරනවා කියල.)

“ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී
බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්"


එත් බත් බුලත් දන් දුන්නු පියවරුන් අතින් ජාතක උන ඒ තාත්තලාගේ දෙවැනි
පරම්පරාව දැන් ඉන්නේ නගරයේ, එහෙම නැත්තනම් සිදාදියේ. ඒ ගොල්ලොන්ට
දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ මොකද්ද කියල රචකයා තුන් වෙනි
පද පෙලින් විස්තර කරනවා.



"කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් සිත තුළ
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්”

මේ නගර ඉන්න ළමයින්ට ඒ අයගේ තාත්තල පුරපු දාන පාරමිතාව පුරන්න
හැකියාවක් වෙන්නේ නැහැ. ඒ මොකද ඒ අයගේ මුලය ශක්තිය ක්‍රමක්ක්‍රමයෙන්
හීන වෙලා. ලැබෙන්නේ පුංචි වේතනයක් මාසෙකට. එකෙන් තමන් ජීවත්
වෙන්නෙත් අමාරුවෙන්. එහෙම ජීවිතේ ගෙවද්දී ඒ අයට අහල පහල ගම් වාසින්
පෝෂණය කරන්න හැකියාවක් නැති වෙලා ගිහින්.

“කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්"

එක නිසා, කන්න ගත්ත බත් පිගාන කව්රු හරි ගෙදරට ආවොත් දෙන්න වෙයි
කියල හිතල  බය වෙලා තනියම දොර ජනෙල් වහගෙන තනියම අනුභව කරනවා.
මෙහෙම තනියම කෑම බුදින එක රචකයාගේ හර්ධ සාක්ෂිය ඔහුට  පීඩා කරනවා.
ඒ පීඩනය තමයි රචකයා එලියට දන්නේ මෙවැනි  ගීතයක් හරහා.







ඉතා සියුම්ව රචකයා නුතන  සමාජය ක්‍රමයේ පවතින අර්ථ ක්‍රමය විවේචනය කරනවා.
මෙහි වැරැද්ද සමාජ ක්‍රමයේ මිසක , මිනිසාගේ නොවන බව රචකයා පැහැදිලි කරන්නට
උත්සාහ කරනවා.

“යුද්දෙටත් ඇවිත් සිදු පිට“ සටන් කවි කාව්‍ය විරිත පදනම් කරගෙන තමයි මෙම ගීතයේ
සංගීතය හසුරුවල තියෙන්නේ. සටන් කවි ආකෘතියට නතු නොවී , මානව හැගීම්
ප්‍රකාශට සංගීතය රෝහණ වීරසිංහයන් ඉතා මැනවින් භාවිත කිරිමත් මෙම ගීතයේ
විශේෂත්වයක්.






Comments

Post a Comment

Popular posts from this blog

මොකක්ද මේ deja vu?

සොඳුරිය කාලය කොතරම් නපුරුද