යමු සෙල්ල කතරගම ඔබ එන්න යනව නම්..

                                                        ගීතයක අරුතක් 1



යමු සෙල්ල කතරගම
ඔබ එන්න යනව නම්
කඳ කුමාරයා වල්ලිට
පෙම් බැන්ඳ කතරගම...
ආනන්ද සරෝජා රාමන් අනුරාධා
ආනන්ද සරෝජා රාමන් අනුරාධා
නාන තොටේ මැණික් ගඟේ
දෙවි කරුණාවයි
හාදු දිදි ගඟ නොබෙදී
එකට ගලා යයි........
මේ සාදුකාරයයි සංගීත නාදයයි
හාද වෙලා සාද විඳින
එකම වෙලාවයි
පාද සළඹ දෑත වළලු
එකට හිනා වෙයි...


බ්ලොග් එකක් හැදුවට ලියන්න දෙයක් නැති නිසා, ඊයෙ හවස බස් එකේ එද්දි ඇහුන "‍යමු සෙල්ල කතරගම" සින්දුව ගැන හොයල බලලා ලියන්න හිතුනා. 
සින්දුවේ පද රචනය රත්න ශ්‍රි විජේසි0හ මහතා.
ස0ගීතය විශාරද කපුගේ මහතා
ගායනය කරුනා රත්න දිවුල්ගනේ මහතා.

සෙල්ල කතරගම කියන්නෙ කතරගම දෙවියො ඉන්දියාවෙ ඉදන් ඇවිල්ලා, වල්ලි කියන වැදි කාන්තාව මුන ගහුනු තැන. ඒ වෙන්කොට කතරගම දෙවියන්ට ඉන්දියාවේ තෙවානි අම්ම කියල භාර්යාවකුත් ඉදලත් තියෙනවා.
සෙල්ල කතරගම ට කුඩා කතරගම කියලත් කියනවා, එත් සෙල්ලම් කතරගම කියන වචනය බිදිලා සෙල්ල කතරගම කියන එක හැදුනු කියලා තමය් දැනට පිලි ගැනෙන්නෙ. 

අදටත් කතරගම පෙරහර වල්ලි අම්මා දෙවාලේ ලගින් යනකොට ලය්ට් , පන්දම් එලි නිවා ගෙන තමය් ගමන් කරන්නෙ. කතරගම දෙවියන් එදා වල්ලි අම්මා සොයන් කාටවත් නොපෙනෙන්න ගියපු හොර ගමන ස0කේතවත් කරන්න කියලා තමය් දැනට විශ්වාස කරන්නේ.
කතරගම කියන්නේ සියලු ආගම්, ජාතීන් එකතු කරපු තැනක්, එතන බෞද්ධයෝ, හින්දූන්, ඉස්ලාමින් මෙන්ම කතෝලික අයත් එනවා. 

//
නාන තොටේ මැණික් ගඟේ
දෙවි කරුණාවයි
හාදු දිදි ගඟ නොබෙදී
එකට ගලා යයි........
//

මොන ආගමේ අය මැනික් ගගේ නාවත් , මැනික් ග0ග බෙදෙන්නේ නැතුව එකට යනව කියල මේ පදි පෙලින් පහදිලි කරනවා. ඒ කියන්නේ මැනික් ග0ග හැමෝටම පොදුයි කියන එකයි.

//
මේ සාදුකාරයයි සංගීත නාදයයි
//

මෙහි ලෞකික පැත්තක් මෙන්ම, ලොකොත්තර පැත්තක් තියෙන බව මෙම පැදි පෙලින් පෙන්නනවා. කාවඩි හඩින් ලෞකික බාවයත්, කිරි වෙහෙරෙන් ඇසෙන සාදු කාරයෙන් ලොකොත්තර බාවයත් හගවෙනවා.


ජාති, කුල බෙද නොසලකා වාර්ගික සහොදරත්වය ඇති උනු තැනක් තමය් කතරගම කියන්නේ. ඉදිරියටත් මේ සමගිය, සහජීවනය මෙහි පවතිවි කියල ප්‍රාර්තනා කරනවා.




මේ සින්දුව එක්කම කතරගම දෙවියන් එක්ක බැදුනු කතාවක් මතක් උනා.

දවසක් ගන දෙවියොයි (එ කියන්නේ කතරගම දෙවියන්ගෙ සහෝදරයා),  කතරගම දෙවියොයි පොඩි බහින් බස් වීමක් උනා. රන්ඩුවට හේතුව දෙන්නගෙන් කව්ද වැඩිපුරම බුද්දිමත් කියල බලන්න.

අවසානෙදි මේ  දෙන්න ගියා එයාලගෙ අම්මගෙයි තාත්තගෙයි ලගට ප්‍රශ්නෙ අර ගෙන. ශිවයි පාර්වතියි තමය් මේ දෙන්නගේ අම්මයි තාත්තයි.
ඉතින් අම්මයි තාත්තයි කිව්වා ඔයාල දෙන්නගෙන් මුලින්ම ලොකේ (පෘතුවිය) වටේ වට 7ක් කැරකිලා ගිහින් එන කෙනා තමයි වැඩිපුර බුද්දිමත් කියලා.

එ කිව්ව ගමන් කතරගම දෙවියො එයාගෙ වාහනේ වෙන මොනරගෙ පිටෙ නැගලා  යන්න ගියා තරගේ දිනන්න හිතා ගෙන. එත් ගන දෙවියො එයාගෙ මොලේ කල්පනා කරා. එයා එයාගෙ දෙමව්පියන්ට වැන්දලා නමස්කාර කරලා,එයාගෙ වාහන වෙන මීයගෙ පිටේ නැග්ගා. එහෙම නැගල තමන්ගේ අම්මගෙයි තාත්තගෙයි වටේ වට 7ක් ගියා.  

එතකොට ශිව සහ පාර්වති ඇහුවා මේ මොකද කියලා,  එතකොට ගන දෙවියො කිව්වා "මගේ ලෝකය වෙන්නේ මගෙ දෙමව්පියො ; ඒකයි මම වට 7ක් ගියේ" කියලා. 
එක අහලා ශිව දෙවියො හුගාක් සතුටු වෙලා තමන්ගේ පුතාට, ඒ කිව්වෙ ගන දෙවියන්ට කිව්වා, අද ඉදන් ලෝකෙ මොන පූජව තිබ්බත් ඔයාට පූජා කරන්නෙ නැතුව ඒක තිබ්බොත් ඒ පූජාව සම්පූර්ණ එකක් වෙන්නෙ නෑ කියලා.

ගන දෙවියන් අනිත් දෙවියන් අතරත් උතුම් තැනක ඉන්නේ අන්න ඒ කරපු ක්‍රියාව නිසාලු.


2017.10.19
02:04 PM
@UCSC




Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Kohenda bn wistara tika hoya gaththe

    ReplyDelete
  3. Kohenda bn wistara tika hoya gaththe

    ReplyDelete
    Replies
    1. හරෙන් මෙහෙන් අහ ගතිපු ඒවා තමයි

      Delete
  4. එල එල මචං දිගටම ලියන්න

    ReplyDelete
  5. මාරු බන් වටිනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති Kulan කොල්ලා

      Delete
  6. Replies
    1. බොහොම ස්තුති කොල්ලා

      Delete
  7. Godak watina wistarayak aiye. Katharagama kiyne godak kathandara tyena puujaniya thanak.

    ReplyDelete
  8. සුපිරි මචන් ,,,,,,නියම වැඩක්
    Ela#patta#padiri#

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ගීතයක අරුතක් 3 - වන්නි වන පෙතේ

පොලුකාරයා (අම්බටියා)

සොඳුරිය කාලය කොතරම් නපුරුද