Posts

Showing posts from August, 2020

සොඳුරිය කාලය කොතරම් නපුරුද

Image
 සොඳුරිය කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන රැකගත් ආලය උදුරා ගෙන ගිය කාලය කොතරම් නපුරුද සොඳුරිය... පෙරුම් පුරා දුක සේ ගළපා ගත් කවිය ඔබම වී නැළැවුණු යුගයක හද ඇඳි ඔබ රුව සිහිනෙකවත් නැත ඒ රුව කෙතරම් මිහිරිද සොඳුරිය... ලොවට හොරා විළි ලා බිහිකර ගත් වසන්තයේ සඳ මියැදුණු දවසක| බෙදා හදාගත් දුක වත් අද නැත ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය... මානව වංශ කතාවේ කවදාවත් කතා කරලා ඉවරයක් කරන්න බැරි , නිර්මාණ කරලා ඉවර කරන්න බැරි තේමාවක් තමයි ප්‍රේමය. මනුෂ්‍යාගේ තියෙන සමීපතම මානව සම්බන්දතාව මොකද්ද කියල ඇහුවොත් ආසියාතිකයින් විදියට අපි  දෙන උත්තරේ වෙන්නේ මව් දරු පිය දරු ප්‍රේමය කියන එක.  නමුත්  සමස්ථ ලෝකයේ මේකට දෙන උත්තරය මේක නම් නෙවි.  ඔවුන්ගේ උත්තරය වෙන්නේ ස්ත්‍රී පුරුෂ සම්බන්දය තමයි මනුෂ්‍යාගේ තියෙන සමීපතම මානව සම්බන්දතාව කියල. නමුත් ප්‍රේමය කියන මනෝ  බාවය  ආකාශ්මිකව අහසින් කඩාපාත් වෙන්නේ නැ. එකට සුදුසු ආලමබයක්, ඒ කියන්නේ  සුදුසු පරිසරයක එල්බ ගැනීමක් තියෙන්න ඕන.පොදු වැසිකිළියක, කණුවක වගේ තැන වල ප්‍රේමය කියන දේ ප්‍රකාශයට පත් වෙන්නේ නැහැ. ඒ එකට අවශ්‍ය පරිසරයක් තියෙන්න ඕන. ඒ වගේම සමාජ ආර්ථික පරිසර