සොඳුරිය කාලය කොතරම් නපුරුද

 සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය...


පෙරුම් පුරා දුක සේ ගළපා ගත්
කවිය ඔබම වී නැළැවුණු යුගයක
හද ඇඳි ඔබ රුව සිහිනෙකවත් නැත
ඒ රුව කෙතරම් මිහිරිද සොඳුරිය...


ලොවට හොරා විළි ලා බිහිකර ගත්
වසන්තයේ සඳ මියැදුණු දවසක|
බෙදා හදාගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය...


මානව වංශ කතාවේ කවදාවත් කතා කරලා ඉවරයක් කරන්න බැරි , නිර්මාණ කරලා ඉවර කරන්න බැරි තේමාවක් තමයි ප්‍රේමය. මනුෂ්‍යාගේ තියෙන සමීපතම මානව සම්බන්දතාව මොකද්ද කියල ඇහුවොත් ආසියාතිකයින් විදියට අපි  දෙන උත්තරේ වෙන්නේ මව් දරු පිය දරු ප්‍රේමය කියන එක.  නමුත්  සමස්ථ ලෝකයේ මේකට දෙන උත්තරය මේක නම් නෙවි. 

ඔවුන්ගේ උත්තරය වෙන්නේ ස්ත්‍රී පුරුෂ සම්බන්දය තමයි මනුෂ්‍යාගේ තියෙන සමීපතම මානව සම්බන්දතාව කියල. නමුත් ප්‍රේමය කියන මනෝ  බාවය  ආකාශ්මිකව අහසින් කඩාපාත් වෙන්නේ නැ. එකට සුදුසු ආලමබයක්, ඒ කියන්නේ  සුදුසු පරිසරයක එල්බ ගැනීමක් තියෙන්න ඕන.පොදු වැසිකිළියක, කණුවක වගේ තැන වල ප්‍රේමය කියන දේ ප්‍රකාශයට පත් වෙන්නේ නැහැ. ඒ එකට අවශ්‍ය පරිසරයක් තියෙන්න ඕන. ඒ වගේම සමාජ ආර්ථික පරිසරයකුත් තියෙන්න අනිවාර්යෙන්ම්ම අවශ්‍යයි.

හුගක් ධනේශ්වර පන්ති සමාජයේ පෙම්වතුන්  එකතු කරනවට වැඩ බලන් ඉන්නේ වෙන් කරන්න. මුලදී 100% ගැලපෙනවා කියල  එකතු වෙන දෙන්නෙක් උනත් ග්‍රහ තාරක, පොරොන්දම්ව වගේම කුල ගෝත්‍ර  සමබන්ධ නිසා වෙන් වෙලා තියෙන අවස්ථා ඕන තරම් තියෙනවා.

මේ ඔක්කොම ජයග්‍රහණ කරපු පෙම්වතුන් තමයි අවසානයේ එක් වෙන්නේ.

ශ්‍රී ලංකාව වගේ අව සංවර්දිත රටක වෙන් වෙන පෙම්වතුන් ගණන වැඩ්යි එක් වෙන පෙම්වතුන් ගණනට වැඩිය. ඒ නිසා විරහ ගීත, විප්රෝවෝගය පිලිබඳ ලියවුනු ගීත, විප්‍රවාසය පිලිබඳ ලියවුනු ගීත ප්‍රමාණය ඉතා ඉහල මට්ටකමක තියෙනවා ලංකාවේ නම්. ඒ අතරින් බිහි වෙන හුගක්  ගීත අහන ඉන්න බැරි තරම් මට්ටමක තියෙන එකත් විශාල ප්‍රශ්නයක්..


එත් අමරසිරි පිරිස් මහත්මය ගායන කරන මේ ගීතය එහෙම අහන ඉන්න බැරි මට්ටමේ තයක් නෙවයි.  අද අපි මේ ගීතයේ අර්ථය ගැන පොඩ්ඩක් හොයල  බලමු.

සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන

රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය

මේ ගීතය රචනා කරපු සමන්ත හේරත් මුලින්ම දොස් පවරලා, නපුරුයි කියල චෝදනා කරනවා කාලයට. කාලය කියන චුදිතය පෙම්වතුන් දෙදෙනාව වෙන් කරලා. එත් රචකයා පෙම්වතියට දොස් කියන්නෙත් නැහැ, සමාජ ආරථික සම්බාදක වලට දොස් කියන්නෙත් නැ. ඔහු මේක සම්පුරන වරද්දම කාලය කියන ඇසට නොපෙනෙන වස්තුවට පවරනවා.  ඔහු ඔහුගේ පරණ මතකයන් වල සොදුරු දේවල් මතක් කිරීමක් මෙහිදී කරනවා. මේකත් එක්තරා ආකාරයක අතීතකාමයක් (Nostalgia). 


හද ඇඳි ඔබ රුව සිහිනෙකවත් නැත
ඒ රුව කෙතරම් මිහිරිද සොඳුරිය..

කවියක වගේ ඇයව ස්ථාපනය කරපු රුපයේ,  නපුරු බවක් ඔහු මතක් කරන්නේ නැහැ. එත් ඔහු මතක් කරන්නේ එහෙ තියෙන සුන්දර මිහිරි බවයි.  එත් ඒ මිහිරි බව නම් ඔහු ළඟ දැන් නෑ.  දුකත් රසයක් කරගත් අවස්ථාවක් තමයි මෙම පැදිපෙලෙන් කියවෙන්නේ. 


ප්‍රේමයෙන් පැරදිලා දුකින් ඉන්නවා නම්, ඔහු එම දුකට අකමැතියි නම්  ඔහු අහන්න ඕන විරහ ගීතයක් නෙවි. ඔහු අහන්න ඔනා සතුටුදායක ගීතයක්. නමුත් මෙම පෙම්වතාට දුක රසයක් වෙලා. ඔහු එම දුක් රස සොයා යනවා. එක හරියට සරච්චන්ද්‍රයන් විසින් මළගිය ඇත්තෝ කතාවේ නොරිකො විසින්  දෙවෙන්දොරා ප්‍රතික්ෂේප කරට පස්සේ දෙවෙන්දොරා ඒ දෙන්න ඇවිදපු පාරවල්, අවන්හල්, කොපි කඩවල්  වගේ ඒවගේ ඇවිදලා සතුටක් ලබනවා වගේ අවස්ථාවක්.


බෙදා හදාගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය


බෙදාහදාගත් දුකත් දැන් ඔහු ළඟ නැ. හැබැයි ඒ දුකත් ඔහුට මිහිරක්, නැත්නම් සැනසීමක්. ආදරය වෙනුවෙන් තමන් ආදරය කරන කෙනෙක් එක්ක බෙදා ගන්න දුකක පවා කොයිතරම් සුන්දරත්වයක් තියෙනවාද? අඩුම තරමින් ඒ වියෝව වෙනුවෙන් ඉපදිච්ච දුකවත් හිතේ ඉතිරි වෙලා තියෙනවා නම්.. ඇය වෙනුවෙන් පුංචිම පුංචි ඉඩක්වත් ඉතිරි නොකරම ඒ දුකත් නොදැනීම ගිහින්...

මේ ගීතයේදී කාලය කියන චුදිතය පෙම්වතාගෙන් දේවල් දෙකක් උදුරාගෙන තියෙනවා. එකක් තමයි ඔහුගේ පෙම්වතිය. අනිත් එක තමයි  ප්‍රේමය වියෝවෙන් ඔහු දුකක් ලැබුවා. ඒ දුකෙනුත් ඔහු මිහිරක් වින්දා.  අවසානේයේදී කාලය කොපමණ නපුරුද කියනවා නම් ඒ දුකත් පෙම්වතාගෙන් උදුරාගෙන ගිහින් තියෙනවා.
එත් ඒ දුකවත් තිබුන නම් පෙම්වතාට එක වින්ද වින්ද ඉන්න තියෙන්න තිබුන. (හෝද හෝද මඩේ දානවා වගේ සිතුවිල්ලකට යන්න තිබුන).  දැන් ඔහුට එකත් නැහැ. ඔහු තනි වෙලා..


පද - සමන්ත හේරත්
ස්වර - ප්‍රේමසිරි කේමදාස
හඬ - අමරසිරි පීරිස්

Comments

Post a Comment

Popular posts from this blog

මොකක්ද මේ deja vu?

ගීතයක අරුතක් 3 - වන්නි වන පෙතේ