Posts

Showing posts from March, 2020

ඉතිහාසය මා නිදොස් කරනු ඇත -History Will Absolve Me

Image
පිදෙල් කස්ත්‍රෝ, රාහුල් කස්ත්‍රෝ හා චේ ග්වේරා යන විප්ලවීය නායකයන් විසින් අණ දුන් කියුබානු විපලවයේ පළමු ප්‍රහාරය වන්නේ 1953 වසරේ ජූලි 26 වනදා සිදු වූ මොන්කාඩ ප්‍රහාරය යි. “ජූලි 26 කැරැල්ල” ලෙසත් මෙය හදුන්වනු ලබනවා. මෙය කියුබානු විප්ලවයේ පළමු ප්‍රහාරය වෙන අතරම අසාර්ථක වූ ප්‍රහාරයක් ලෙස හදුන්වනවා. බැ ටිස්ටාගේ හමුදාව කස්ත්‍රෝ ගේ කැරලිකරුවන් විශාල ප්‍රමාණයක් ඝාතනය කර තවත් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගත් කැරලිකරුවන් විශාල ප්‍රමාණයක් ද මරා දැමු බවට පිදෙල්, පසුව චෝදනා කරනවා. මෙම ප්‍රහාරය හේතුවෙන් ද පිදෙල් කැස්ත්‍රෝ ද අත්අඩංගුවට පත් වෙනවා. 1953 ඔක්තෝම්බර් 16 වන දා පිදෙල් ඇතුළු පිරිසට  විරුද්ධව අධිකරණයේ දී නඩු විභාග වූ අතර, සටන මෙහෙය වූ පිදෙල්ට වසර 15ක සිර දඩුවම් හිමි වෙනවා. අනෙකුත් ප්‍රධාන නායකයින් වන රාහුල් (Raúl Castro), ඔස්කාර් ඔල්කල්ඩේ (Oscar Alcalde), පෙද්රෝ මෙරැට් (Pedro Miret) හා අර්නෙස්ටෝ ටිසොල් (Ernesto Tizol)ට වසර 13ක සිරදඬුවමක් හිමිවනවා. අනෙකුත් පිරිස්වලට අවුරුදු 10ක, අවුරුදු 3ක හා මාස 7ක සිර දඩුවම් හිමි වෙනවා. නඩු විභාගය අතරතුර තම අදහස් දැක්වීම යටතේ ෆිදෙල්