ඉතිහාසය මා නිදොස් කරනු ඇත -History Will Absolve Me

පිදෙල් කස්ත්‍රෝ, රාහුල් කස්ත්‍රෝ හා චේ ග්වේරා යන විප්ලවීය නායකයන් විසින් අණ දුන් කියුබානු විපලවයේ පළමු ප්‍රහාරය වන්නේ 1953 වසරේ ජූලි 26 වනදා සිදු වූ මොන්කාඩ ප්‍රහාරය යි. “ජූලි 26 කැරැල්ල” ලෙසත් මෙය හදුන්වනු ලබනවා. මෙය කියුබානු විප්ලවයේ පළමු ප්‍රහාරය වෙන අතරම අසාර්ථක වූ ප්‍රහාරයක් ලෙස හදුන්වනවා.
බැටිස්ටාගේ හමුදාව කස්ත්‍රෝගේ කැරලිකරුවන් විශාල ප්‍රමාණයක් ඝාතනය කර තවත් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගත් කැරලිකරුවන් විශාල ප්‍රමාණයක් ද මරා දැමු බවට පිදෙල්, පසුව චෝදනා කරනවා. මෙම ප්‍රහාරය හේතුවෙන් ද පිදෙල් කැස්ත්‍රෝ ද අත්අඩංගුවට පත් වෙනවා.
1953 ඔක්තෝම්බර් 16 වන දා පිදෙල් ඇතුළු පිරිසට  විරුද්ධව අධිකරණයේ දී නඩු විභාග වූ අතර, සටන මෙහෙය වූ පිදෙල්ට වසර 15ක සිර දඩුවම් හිමි වෙනවා. අනෙකුත් ප්‍රධාන නායකයින් වන රාහුල් (Raúl Castro), ඔස්කාර් ඔල්කල්ඩේ (Oscar Alcalde), පෙද්රෝ මෙරැට් (Pedro Miret) හා අර්නෙස්ටෝ ටිසොල් (Ernesto Tizol)ට වසර 13ක සිරදඬුවමක් හිමිවනවා. අනෙකුත් පිරිස්වලට අවුරුදු 10ක, අවුරුදු 3ක හා මාස 7ක සිර දඩුවම් හිමි වෙනවා.
නඩු විභාගය අතරතුර තම අදහස් දැක්වීම යටතේ ෆිදෙල්, පැය හතරක් පුරාවට බැටිස්ටා පාලනයට විරුද්ධව ඔහු ගත් ක්‍රියාමාර්ගයේ සාධාරණීත්වය පිළිබඳව කරුණු දක්වන අතර, වසර කිහිපයකින් පසු එම කතාව ඇතුළත් “ඉතිහාසය මා නිදොස් කරනු ඇත” (History Will Absolve Me) නමින් කෘතියක් පළ වෙනවා.


මෙම ලිපියෙන් කස්ත්‍රෝ විසින් පැය 4ක් තිස්සේ කරන ලද දේශනයේ වැදගත් උපුටා ගැනීම් 10ක් සටහන් කරන අතර එම  ප්‍රකාශ තත් කාලීන සමාජයටද වලංගු බව පැහැදිලිව පෙනී යනවා.


  1. ෆිදෙල් හෙළා දකිනු ඇතැයි යන බිය නිසා, ඔහුගේ නඩුව විභාග කිරීම මහජනතාවගේ අවධානයෙන් තොර රෝහල් කාමරයක පැවැත්වූ අතර ඒ සම්බන්දව ෆිදෙල් මෙසේ පැවසීය.


"අපගේ යුක්තිය අසනීප වී සිරගතව සිටින බව පුරවැසියන් සිතිය හැකි නිසා, බයිනෙත්තු සහිත මුරකරුවන්ගෙන් වට වූ රෝහල් කාමරයකින් යුක්තිය ඉටු කිරීම සාදාරණ නැත."


ප්‍රසිද්ධ නඩු විභාගයකට බිය වූ බැටිස්ටා මෙසේ රෝහලක නඩු විබාගය ගැනීම කස්ත්‍රෝ දැඩිව විවේචනය කළා. මීට අමතරව කැරැල්ල අවසන් වූ පසුව හමුදාව විසින් සිදුකරන ලද හිංසාවන් විස්තර කිරීම සඳහා ෆිදෙල්  ටම දේශනයෙන් කොටසක් වැය කළා.

2.  යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් උසාවියේ මහේස්ත්‍රාත්වරුන්ටද කස්ත්‍රෝ බැනවැදුනා.
"ගෞරවනීය විනිශ්‍යකරවරුනි, ඔබ හොරකමක් සම්බන්දයෙන් විත්තිකරුට එරෙහිව නඩුවක් විබාග කරන විට කෙතරම් කාලයක් ඔහු විරැකියාවෙන් පෙලුනාද, ඔහුට ජීවත් කරවීමට දරුවන් සිටීද, සතියේ කි දවසක් ඔහු ආහාර නොගත්තේද යනුවෙන් ඔබ   ප්‍රශ්න නොඅසයි. ඔහුගේ පරිසර තත්වය ගැන ඔබට තැකීමක් නැත,ඔබ කරදර නොවීම ඔහුව දගගෙට යවනු ඇත. බඩගින්නට පාන් ගෙඩියක් සොරාගත් පුද්ගලයා ඔබ දගගෙට යවන්නේහිය. එහෙත් රජයෙන් මිලියන ගණනින් හොරකම් කරන එකෙකුවත් එක රැයක් ඔබ දගගෙට යවන්නේ නැත, ඒ ඔබ ඔවුන් සමග රාත්‍රී බෝජනය ගන්න නිසාය."


3. තම සෙසු කියුබානුවන්ට ජීවත් වීමට බල කෙරුණු භයානක තත්වයන් ද කැස්ත්‍රෝ විස්තර කළේය.
"එක් දරුවකු පැහැරගැනීමෙන් හෝ ඝාතනයෙන් කම්පා වන සමාජය, ආහාර නොමැතිව ලේ ඌනතාවයෙන් හා ලෙඩ රෝග වලින් වසරක් පාසා මිය යන දහසක් දරුවන් ඝාතන උපේක්ෂාවෙන් ඉවසාලයි. එම දරුවන්ගේ අහිංසක දෑස්වල මරණය දැනටමත් දිස් වේ. එම දෑස් දිස්වෙන්නේ මිනිසාට විරුද්දව ශාප නොකරන මෙන් හා මානව ආත්මාර්ථයට සමාවදෙන මෙන් අනන්තය දෙස බල දෙවියන් යදින්නාක් මෙනි."




4. කස්ත්‍රෝ මෙම නඩුවේදී තමා ප්‍රහාරයට නායකත්වය දීම ප්‍රතික්ෂේප කළේ ද නැත.


වාචාලයින්ට සහ වෘත්තීය දේශපාලනයින්ට අවශ්‍ය වන්නේ සෑම දෙයකම හා සෑම කෙනෙකු සමඟම හොඳ වී ජනතාව ඉදිරියේ බොරු ප්‍රාතිහාර්යය මවා පෑමටය. විප්ලවවාදීන් ඔවුන්ගේ අදහස් නිර්භීතව ප්‍රකාශ කරනු ඇත, ඔවුන්ගේම මූලධර්ම නිර්වචනය කරනු ඇත, කිසිවෙකු හෝ මිතුරන් හෝ සතුරන් රවටා ගැනීමේ අභිප්‍රායන් ඔවුන් ප්‍රකාශ නොකරනු ඇත. ”


5. අසමාන ලෙස ඉඩම් බෙදා හැරීම විස්තර කරන ඔහු විප්ලවයක අවශ්‍යතාවය ගැඹුරින් පැහැදිලි කළේය.


වගා කළ හැකි හොඳම වගා බිම් වලින් අඩකට වඩා ඇත්තේ විදේශීය අතේ ය.. කැම්පසිනෝ පවුල් 200,000 ක් සිටින අතර, ඔවුන්ගේ කුසගින්නෙන් පෙළෙන දරුවන්ට ආහාර වගා කිරීමට ඉඩමක් නොමැති නමුත් ඉහල බලවතුන්ගේ අවශ්‍යතා මත විශාල ඉඩම් ප්‍රමාණයක වගා කිරීම් කිසිවක් නොකෙරේ. ”



6.විප්ලවය කව්රු වෙනුවෙන්ද යන්න පැහැදිලි කිරීම සඳහා කැස්ත්‍රෝ  අලංකාර අර්ථ දැක්වීමක් සමග සපයන ලදී.


“අපි ජනතාව යනුවෙන් අදහස් කරන්නේ පාලකය ඉදිරියේ දන නමන ගතානුගතික  පුද්ගලයන් නොවේ, එවැනි ගතානුගතික පුද්ගලයන් ඕනෑම මර්දනකාරී පාලන තන්ත්‍රයක්, සහ ඒකාධිපතිවාදයක් පිළිගෙන දන නමයි, ස්වාමියා ඉදිරියේ දණ ගසයි. නමුත් අරගලය ගැන කතා කරන විට “ජනතාව”  යන්න අප විසින් අර්ථ දක්වන්නේ වංචා සහ පාවාදීම් වලින් තොර , වඩා හොඳ, වඩා ගෞරවනීය, සාධාරණ මව්බිමක් බලාපොරොත්තුවෙන් සිටින, මහා ජන සමූහයයි. නමුත් ඔව්න් පරම්පරා ගණනක් අයුක්තියට ලක්ව ඇති අතර පරම්පරාවෙන් පරම්පරාවට සමච්චල් කර ඇත.

7. සටනේදී ඔහුගේ මිනිසුන් කොපමණ සංඛ්‍යාවක් මිය ගියද යන්න සාධාරණීකරණය කිරීම සඳහා,  කැරලිකරුවන් හමුදා පුහුණුව ලත් විශේෂ බටයන් බවට බැටිස්ටා කළ ප්‍රකාශයට තරවටු කරමින් ෆිදෙල් මෙසේ පැවසුවා:


“තම නිදහස ජය ගැනීමට අවශ්‍ය වූ විට මිනිසුන් සටන් කරන්නේ එලෙස ය: ඔවුන් ගල්වලින් ගුවන් යානා සමඟ සටන් කරන අතර ටැංකි උඩු යටිකුරු කරති. ”


8. තම විප්ලවයේ සහෝදරවරුන් ගණ අදහස් පළකරමින්  ෆිදෙල් අධිකරණයට මෙසේ පැවසීය.


“මාගේ සහෝදරවරු අමතක වී හෝ මිය ගොස් නැත. ඔවුන් වෙන කවරදාටත් වඩා අද ජීවත් වන අතර ඔවුන්ගේ මිනීමරුවන් ඔවුන්ගේ වීරෝදාර මළසිරුරු වලින් ඔවුන්ගේ අදහස්වල ජයග්‍රාහී අවතාරය මතු වන්නේ කෙසේදැයි භීතියෙන් දකිනු ඇත. ”


9. කස්ත්‍රෝ උසාවියේ විනිසුරුවරුන්ගේ අවංකභාවය හා සදාරණත්වය ගැන ප්‍රශ්න කළ අතර, කියුබා ජනරජයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් බැටිස්ටාට එරෙහිව ඔහු කලකට ඉහතදී  නඩු පැවරීමට අධිකරණ බලය ඉල්ලා සිටි බව ඔවුන්ට මතක් කර දුන්නේය.


එම අවස්ථාවේදී ජනරජයේ විනිසුරුවරුන් ක්‍රියා නොකළේ බලහත්කාරයෙන් එය වළක්වා ඇති නිසා යැයි ඔබ මට කියනු ඇත. එවිට පාපොච්චාරණය කරන්න:  මාගේ මෙම ප්‍රකාශ ගණන්නොගන්න ලෙස පාලනාදිකාරය ඔබට මේ වන විටත් දැනුම් දී ඇති. එකල මම බැටිස්ටාට එරෙහිව නඩු පැවරු විට එය නිශ්ප්‍රබා කර, වැරදිකරුවෙක් නිදහස් කල, දැන් මේ වතාවේ මට දඩුවම්  කල නිවරදිකරුවෙකුට ඔබ දඬුවම් කරනවා. මේ අනුව ඔබ යුක්තියේ කන්‍යාව, දෙවරක්ම බලහත්කාරයෙන් දුෂණය කර ඇත.


10. ඔහු මෙසේ අවසන් කළේය.


මම මගේ කතාව අවසන් කරනවා. විත්තිකරුගේ නිදහස ඉල්ලා කතා අවසන් කරන නීතිවේදීන්  ආකාරයට මම කතාව අවසන් කරන්නේ නැහැ; මගේ සහෝදරවරුන් ඉස්ලා ඩි පිනෝස් හි(Isla de Pinos)  හිරගෙදර නින්දිත සිර දඩුවම්  විඳින විට මට එය ඉල්ලා සිටිය නොහැක. ඔවුන්ගේ ඉරණම බෙදාහදා ගැනීම සඳහා මා ඔවුන් වෙත යවන්න . මම දන්නවා සිරගෙදර ජීවිතය දුෂ්කර වනු ඇත.  නමුත් මගේ සහෝදරයන් හැත්තෑදෙනෙකුගේ ජීවිතය නැති කළ කාලකණ්ණි කෘර පාලකයාගේ කෝපයට මම බිය නොවෙමි. මාව දැන් හෙළා දකින්න, කමක් නැහැ, ඉතිහාසය මාව නිදහස් කරයි. "(Condemn me, it does not matter, history will absolve me.”)

කෙසේ වෙතත් වසර 15කට බන්ධනාගාරයට නියම වූ කැස්ත්‍රෝ පසුව රටින් පිටවහල් කිරීමට අධිකරණය නියෝග කළේ ය. 1956 දී සිය සහෝදර රාවුල් කැස්ත්‍රෝ සහ ආර්ජන්ටිනා ජාතික විප්ලවවාදියෙකු වූ චේ ගුවේරා ඇතුළු පිරිසක් සමග ග්‍රැන්මා නම් බෝට්ටුවකින් යළි කියුබාවට ගොඩ බට කැස්ත්‍රෝ බැටිස්ටා ට එරෙහිව ගරිල්ලා සටනක් ඇරඹීය.

දරුණු දූෂණ චෝදනා එල්ල වූ බැටිස්ටා පාලනය කෙරෙහි ඒ වන විට අමෙරිකා එක්සත් ජනපදය ද සිටියේ පැහැදීමකින් නොවේ. මේ හේතුව ද කැස්ත්‍රෝගේ විප්ලවයට ප්‍රබල අධාරකයක් විය. 1959 ජනවාරි 1 වන දා බැටිස්ටා රටින් පළා ගිය අතර කැස්ත්‍රෝ ජයග්‍රාහි ලෙස හවානා අගනුවරට අතුළු විය.

1976 වසරේදී කියුබාවේ නායකත්වයට පත් ෆිදෙල් කැස්ත්‍රෝ 2008 පෙබරවාරි වන තුරු එරට පාලනය කළේ ය. එමෙන් ම කියුබානු කොමියුනිට්ස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස 2011 වසර තෙක් කටයුතු කළ ඔහු 2008 වසරේදී රාජ්‍ය නායකත්වය සිට සහෝදර රාවුල් කැස්ත්‍රෝට පැවරී ය.





.

Comments

Post a Comment

Popular posts from this blog

මොකක්ද මේ deja vu?

සොඳුරිය කාලය කොතරම් නපුරුද

ගීතයක අරුතක් 3 - වන්නි වන පෙතේ