Posts

Showing posts from April, 2020

මොකද්ද මේ ඩුම්ස්ඩේ ඔරලෝසුව

Image
ඩූම්ස්ඩේ ඔරලෝසුව කියන්නේ ‘මිනිසා විසින් සාදන ලද ගෝලීය ව්‍යසනයක’ සම්භාවිතාව නිරූපණය කරන සංකේතාත්මක දර්ශකයක්. මෑන්හැටන් ව්‍යාපෘතියට සහභාගී වුනු චිකාගෝ පරමාණුක විද්‍යා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂකයන් කණ්ඩායමක් තමයි මේක හදන්න මුලින්ම කටයුතු කරලා තියෙන්න. ඒ 1947 දී. උපකල්පිත ගෝලීය ව්‍යසනය "මධ්‍යම රාත්‍රිය" ලෙස සලකලා මෙම ඔරලෝසුවේ කටුව සෑම වසරකම ජනවාරි මාසයේ දී චලනය කිරීම කරනු ලබනවා. න්‍යෂ්ටික අවදානම සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම  යන ප්‍රධාන සාධක ඔරලෝසුවේ කටුවේ චලනය කෙරෙහි දැඩි ලෙස බලපානවා. නමුත් 1947 දී ඔරෝලොසුව නිර්මාණය කල වෙලාවේ ප්‍රධාන සාධක විදයට අරන් තිබුනේ න්‍යෂ්ටික අවි විතරයි. එත් කාල ය ත් එක්ක උෂ්ණත්වය ඉහල යාම වැනි ගෝලීය සාධක සහ මිනිසුන් විසින් ඇති කරන වෙනත් බාධාවනුත් මේකට ඇතුල් කරන්න මේකේ නිර්මපනකයන් කටයුතු කරලා තියෙනවා. එදිනෙද ලෝකයේ සිදුවන සියලුම අර්බුද වලට ප්‍රතිචාර දක්වනවා වෙනුවට, මෙහි ප්‍රධාන විද්‍යා හා ආරක්ෂක මණ්ඩලය වාර්ෂිකව දෙවරක් රැස්වී ගෝලීය සිදුවීම් සාකච්ඡා කරනවා. එම මණ්ඩලයට නොබෙල් ත්‍යාගලාභීන් 15ක් ඇතලත් වෙනවා. එම සාකච්චා වල ප්‍රතිපලයක් විදියට තමයි ඔරලෝසුවේ කටු