උපකල්පිත ගෝලීය ව්‍යසනය "මධ්‍යම රාත්‍රිය" ලෙස සලකලා මෙම ඔරලෝසුවේ කටුව සෑම වසරකම ජනවාරි මාසයේ දී චලනය කිරීම කරනු ලබනවා. න්‍යෂ්ටික අවදානම සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම යන ප්‍රධාන සාධක ඔරලෝසුවේ කටුවේ චලනය කෙරෙහි දැඩි ලෙස බලපානවා. නමුත් 1947 දී ඔරෝලොසුව නිර්මාණය කල වෙලාවේ ප්‍රධාන සාධක විදයට අරන් තිබුනේ න්‍යෂ්ටික අවි විතරයි. එත් කාලයත් එක්ක උෂ්ණත්වය ඉහල යාම වැනි ගෝලීය සාධක සහ මිනිසුන් විසින් ඇති කරන වෙනත් බාධාවනුත් මේකට ඇතුල් කරන්න මේකේ නිර්මපනකයන් කටයුතු කරලා තියෙනවා.
එදිනෙද ලෝකයේ සිදුවන සියලුම අර්බුද වලට ප්‍රතිචාර දක්වනවා වෙනුවට, මෙහි ප්‍රධාන විද්‍යා හා ආරක්ෂක මණ්ඩලය වාර්ෂිකව දෙවරක් රැස්වී ගෝලීය සිදුවීම් සාකච්ඡා කරනවා. එම මණ්ඩලයට නොබෙල් ත්‍යාගලාභීන් 15ක් ඇතලත් වෙනවා. එම සාකච්චා වල ප්‍රතිපලයක් විදියට තමයි ඔරලෝසුවේ කටුව එහා මෙහා වීම තීරණය කරන්නේ.
අවසන් වතාවට ඔරලෝසුවේ කටුව චලනය වුනේ 2020 ජනවාරි 23. රෑ 12 ට තත්පර 100ක් ලඟට කටුව ගෙන ඒම එදා සිදු වුණා.එදා මෙදා තුර ඉතිහාසයේ කටුව 12 ලගට පැමිණි ආසන්නම අවස්ථාව ලෙස මෙය වාර්තා වුනා. මීට හේතුව උනේ ඇමරිකාව හා ඉරානය අතර ඒ දිනවල පවතී දේශපාලන අර්බුදය යුද්දයක් දක්වා ගමන් කර III වෙනි ලෝක යුද්දයකට මුල පිරීමක් වනු ඇතැයි ඇති වූ සාධාරණ සැකයයි.
1947 දී ඔරලෝසුවේ මුල් සැකසුම මිනිත්තු හතේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා වුවා. එතැන් සිට එය 24 වතාවක් පසුපසට හා ඉදිරියට තබා ඇති අතර, මධ්‍යම රාත්‍රියේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා වූ විශාලතම මිනිත්තු සංඛ්‍යාව 17 (1991 දී) වන අතර,2020 ජනවාරි මාසයේදී තත්පර 100ක් (මිනිත්තු 1 යි තත්පර 40) වැනි කුඩා අගයකට ලන්ඵා වන ලදී වේ.
2018 වසරේ ඔරලසුවේ කටුව වෙනස් වීමට හේතුව වුයේ න්‍යෂ්ටික යුද්ධයේ තර්ජන හා දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට ලෝක නායකයින් අපොහොසත් වීමයි. මෙය ඔරලෝසුවේ මධ්‍යම රාත්‍රියට ආසන්නතම දෙවන ප්‍රවේශය වන අතර එය 1953 වසරේ ඔරලෝසුවේ අගයට ට සමාන අගයක් ද උනා.
ට්‍රම්ප් පරිපාලනය විසින් ලෝකය නිර්කාබනීකරණය කරා මෙහෙයවීම මග හැරීම,අතරමැදි පරාස න්‍යෂ්ටික බලකා ගිවිසුමෙන් එක්සත් ජනපදය ඉවත් වීම,එක්සත් ජනපදය සහ රුසියානු න්‍යෂ්ටික නවීකරණ උත්සාහයන් හා සය්බර් යුද්ද යන හේතු නිසා 2018 වසරේ විනාඩි2ක් දකවා දුරට ඔරලසු කටුව ගෙන ඒමට තීරණය කෙරුනි.
මෙමෙ තීරණයෙන් පසු කැලිෆෝනියාවේ හිටපු ආණ්ඩුකාර ජෙරී බ්‍රවුන් මෙසේ ද පවසා තිබුනා.
“සුපිරි බලවතුන් අතර භයානක එදිරිවාදිකම් සහ සතුරුකම න්‍යෂ්ටික දෝෂ ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරයි. දේශගුණික විපර්යාසයන් අර්බුදය තවත් උග්‍ර කරයි. අවදි වීමට කාලයක් තිබේ නම්, එය දැන් ය. ”
ඔරලෝසුව න්‍යෂ්ටික අවි, දේශගුණික විපර්යාස සහ වෙනත් වසම්වල මතුවෙමින් පවතින නව තාක්ෂණයන්ගෙන් ලෝකය විනාශ වීමට ඇති අවදානම පිළිබඳ විශ්වීයව පිළිගත් දර්ශකයක් බවට පත්ව ඇත. ඒ අනුව ලෝක බලවතුන් මෙන්ම ජගත් සංවිධානද තම තීන්දු තීරණ ගැනීමේදී මෙන්ම එම හකුලා ගැනීමටද මෙම දර්ශකය බාවිත කරයි.
එහි ආසන්නතම උදාහරණය මෙම වසර මුලදී ඉරානය, ඇමෙරිකාව අතර ආරම්භ වීමට ගොස් වැළකුණු 3වෙනි ලෝක යුද්දයයි. ජනවාරි 23 මෙම ඔරලසු කටුව වෙනස් වූ වහාම ලෝක බලවතුන් හා සංවිධාන මෙම සීතල යුද්දය පාලනයට මැදිහත් වීම කැපී පෙනුනි.
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අඩහරයකින් ලිපිය අවසන් කරන්නට මම හිතුවා .
යුද්ධයකදී පත්තු වන පළමු වෙඩි උණ්ඩය කොයි පැත්තෙන් පත්තු වුණත් ඒ උණ්ඩෙන් මිනිස්සු මළත් නැතත් ඒක ඉලක්කෙට වැදුණත් නැතත් ඒකෙන් අනිවාර්යයෙන්ම මියයන දෙදෙනෙක් සිටී. ඒ ආදරය හා මනුෂ්‍යත්වයයි.
මේ මොහොතේ ලංකාවේ හිත් හොයන දෙයක් තිබේ. එයද ආදරයයි මිනිසත්කමයි.
Good one
ReplyDeleteSuppa
ReplyDeleteGomayaanan
DeleteTop article!
ReplyDeleteHo Ho yaluwane. Good article
ReplyDeletegood one. keep it up!
ReplyDeleteමොලෝ රහක් නෑ😂😂
ReplyDeleteසුපිරි post එකක්
ReplyDeletePatta
ReplyDeleteSupiriyak
ReplyDeletePatta
ReplyDeleteSuperb machn
ReplyDeleteහොඳ ලිපියක් යාලුවේ 😋
ReplyDeleteGood Article. Keep it up
ReplyDelete