Posts

What if Brathwaite’s Dream Was NOT Diminished?

Image
 අද : බ්‍රැත්වයිට්ගේ සිහිනය කාලෝස් බ්‍රැත්වයිට් බටහිර ඉන්දීය කොදෙව් සිහිනය සජීවීව තබා ගනී. පසුබිම : එංගලන්තයේ පැවති 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ  කණ්ඩායම් 10 ම එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කළහ. මැන්චෙස්ටර් හි පැවති 29 වන තරඟයේදී නවසීලන්තය, ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් පිලට මුහුණ දුන්නේය. තරඟාවලියේ එම අවස්ථාව වන විට බටහිර ඉන්දීය කොදෙව් පිල තරග 1 ක් ජයගෙන 3 ක් පරාජයට පත් වී එක තරගයක් ජය පරාජයෙන් තොරව නිම කරගෙන තිබුණි. නවසීලන්තය තරග  4 ජයගෙන එක තරගයක් ජය පරාජයෙන් තොරව නිම කරගෙන තිබුණි. කණ්ඩායම් දෙකම තරග 4 ක් අතැතිව සිටි අතර  තරඟාවලිය තවමත් විවෘතව පැවතුනි. මොහොත : 291 ක් පසුපස හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 164-7 දක්වා බිඳ වැටුණි. කාලෝස් බ්‍රැත්වයිට් හි පැමිණේ. ඔහුගේ නම මතකද? බ්‍රැත්වයිට් සහ පසුපෙළ පිතිකරුවන්කැ නැවත තරගය උඩු යටිකුරු කරමින් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය අබියසට ගෙනා එන්නට උත්සහ කරන්න ලදී . බ්‍රැත්වයිට් 48 වැනි ඕවරයේදී අඛණ්ඩව හයේ පහර 3 ක් එල්ල කළේය. බ්‍රැත්වයිට් සිය මංගල එක්දින ශතකය රැස් කළේය. බ්‍රැත්වයිට් හා කොදෙව් පිල ජයග්‍රහණය පෙනෙන මාවතක දැන්. Brathwaite’s dream is alive . එක් කඩු

සොඳුරිය කාලය කොතරම් නපුරුද

Image
 සොඳුරිය කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන රැකගත් ආලය උදුරා ගෙන ගිය කාලය කොතරම් නපුරුද සොඳුරිය... පෙරුම් පුරා දුක සේ ගළපා ගත් කවිය ඔබම වී නැළැවුණු යුගයක හද ඇඳි ඔබ රුව සිහිනෙකවත් නැත ඒ රුව කෙතරම් මිහිරිද සොඳුරිය... ලොවට හොරා විළි ලා බිහිකර ගත් වසන්තයේ සඳ මියැදුණු දවසක| බෙදා හදාගත් දුක වත් අද නැත ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය... මානව වංශ කතාවේ කවදාවත් කතා කරලා ඉවරයක් කරන්න බැරි , නිර්මාණ කරලා ඉවර කරන්න බැරි තේමාවක් තමයි ප්‍රේමය. මනුෂ්‍යාගේ තියෙන සමීපතම මානව සම්බන්දතාව මොකද්ද කියල ඇහුවොත් ආසියාතිකයින් විදියට අපි  දෙන උත්තරේ වෙන්නේ මව් දරු පිය දරු ප්‍රේමය කියන එක.  නමුත්  සමස්ථ ලෝකයේ මේකට දෙන උත්තරය මේක නම් නෙවි.  ඔවුන්ගේ උත්තරය වෙන්නේ ස්ත්‍රී පුරුෂ සම්බන්දය තමයි මනුෂ්‍යාගේ තියෙන සමීපතම මානව සම්බන්දතාව කියල. නමුත් ප්‍රේමය කියන මනෝ  බාවය  ආකාශ්මිකව අහසින් කඩාපාත් වෙන්නේ නැ. එකට සුදුසු ආලමබයක්, ඒ කියන්නේ  සුදුසු පරිසරයක එල්බ ගැනීමක් තියෙන්න ඕන.පොදු වැසිකිළියක, කණුවක වගේ තැන වල ප්‍රේමය කියන දේ ප්‍රකාශයට පත් වෙන්නේ නැහැ. ඒ එකට අවශ්‍ය පරිසරයක් තියෙන්න ඕන. ඒ වගේම සමාජ ආර්ථික පරිසර