පොලුකාරයා (අම්බටියා)

2nd year 2nd semester exam එකත් දවස් දෙකකට කලින් ඉවර උනාලු ඔන්න, ඒ ගැම්මටම මානිගල කන්දත් නැගල පාලුවට ගිය බ්ලොග් පිටුවට දෙයක් ලියන්න හිතුවා

යාලුවෝ; අපිට එක එක වර්ගයේ යාලුවෝ ඉන්නවා, හම්බෙනවා. අපේ බොක්කේ බයිට් එකක් වෙන "පොලුකාරයා" , එහෙම නැත්නම් Ambati යගේ රස කතා ටිකක් මතක් උන නිසා ඒවා ලියන්න හිතුනා. සමහර කතා මුට ඇත්තටම උනු ඒවා නොවුනත් , ඒවා උගේ Account එකටම කාලයත් එක්කම Register වෙලා කාටත් නොදැනීම.

දවසක් අම්බටියි, උගේ යාලුවෙක් වෙන දිනීෂය් ක්ලාස් ඉවර වෙලා බස් එකේ ගෙදර යනවලු. උදේ එද්දී දෙන්නටම ටිකට් ගත්තේ දිනීෂ නිසා හවස අම්බටියගේ Turn එකලු. අම්බටියා , කොන්දට සල්ලි දීල ස්ටෑන්ඩ් එකට ටිකෙට් 2i කිව්වලු.
එවෙලේ කොන්ද ඇහුවලු අම්බටිගෙන් කව්ද දෙන්න කියලා.
එතකොට
අම්බටියා, කොන්දට කියලා
"මායි , දිනීෂයි " කියලා....................
************

මේ කතාව අම්බටිට උනේ ගුරුකුලේ ක්ලාස් එකේ ඉන්ටෙර්වල් එකෙදිලු. මු ඉන්ටෙර්වල් එකේ ගියාලු තව කොල්ලෝ දෙන්නෙක් එක්ක කීල්ස් එකට, මොනවහරි Ice-Cream එකක් ගන්න.
එතකොට කීල්ස් එක ඇතුලේ පොෂ් වගේ line එකක් තියෙන ගෑනු කෙනෙක්ගේ අතින් අම්බටිගේ කකුල පෑගිලා. එවෙලේ මේ ගෑනු කෙනා "අනේ sorry" කියල අම්බටිට කියලා.
 ඒ කිව්වා විතරයි අපේ අම්බටියා අර ගෑනු කෙනාට "ah තැනක් you" කියලා.........
************

මේක අම්බටිට උනේ සැප්තැම්බර් මාසේ, ඒ කියන්නේ "සාහිත්‍ය මාසේ" දී. මිනිහා මාතර සරසවි BookShop එකට ගියාලු පොත් ගන්න. සාහිත්‍ය මාසේ නිසා, පොත් වල ගැන අඩු බව දන්නා නිසා සල්ලි ටිකක් වැඩිපුර ගෙනිහින් පොත් වැඩි පුර ගන්න බලන් තමයි මු ගිහින් තියෙන්නේ සරසවි එකට.
ඉතින් කොහොම හරි මු රුපියල් 3000 කට කිට්ටු වෙන්න පොත් තෝරලා ගත්තලු .අරගෙන Cashier කවුන්ටෙර් එකට ගිහින් කිව්වලු,
"අය්යා මේ පොත් වලට advance එකක් එහෙම දානවද කියලා." 
එතකොට counter එකේ හිටපු dial එක dim වෙලා කියලා
"ඒ මොනවද මල්ලි ඒ, එහෙමෙ ඒවා නම් කරන්නේ නෑ "  කියලා.
අපේ අම්බටියා ආපහු කිව්වලු
"එතකොට අය්යේ  සාහිත්‍ය මාසේ පොත් ගන්න කොට advance දාල දෙන්නේ නැද්ද කියලා "
එවෙලේ ලු කාටත් තේරිලා තියෙන්නේ මු advance ගගා කියන්න හදන්නේ "Discount" කියන එක කියලා.....
****************


මේ කියන කතාවත් මීට අවරුදු 9ක් විතර පරණ එකක්. අම්බටි එතකොට 10 වසරේ විතර ඇති.
අම්බටි ජීවිතේ ඉස්සෙල්ලම හා හා පුරා computer එකක් ගත්ත දවසේ කඩේ අය්යා මුට කියලා ,
"මල්ලි C එක එහෙම වැඩිය පුරවන්න එපා, අනිත් partition වලට දාන ඒවා දා ගන්න"
කියලා.
ඉතින් අපේ අම්බටියා ඒ අය්යා කියල දුන්නු විදියටම උපදෙස පිළිපද්දලු. එත් ටික කාලයක් යද්දී උගේ computer එක ස්ලෝව් වෙලා වගේ දැනුනු නිසා අම්බටියා එක computer කඩේ අය්යට ගිහින් පෙන්නවලු.
පෙන්නුවට පස්සේ computer කඩේ අය්යා කිව්වලු,
"මල්ලිට මම මුලදීම කිව්වනේ C එකේ වැඩිය පුරවන්න යන්න එපා, machine එක ස්ලෝව් වෙනවා" කියලා.
එතකොට අම්බටියා ඒ අය්යට PC එකේ ඩෙස්ක්ටොප් එක පෙන්නලා කියලා,
"මේ බලන්න අය්යේ මම C එකේ පිරෙව්වේ නෑ, දාපු ඔක්කොම files ටික මම දැම්මේ  Desktop එකට " ...........
************** මේ වගේ රස කතා තොගයක්ම අම්බටිගේ ජීවිත කතා පොතේ තියෙනවා, ඒවත් ඉස්සරහට දාන්නම්කො...

Comments

  1. තද තද යහලුවේ😂😁😂😂

    ReplyDelete
  2. ��������������

    ReplyDelete
  3. 😂😂😂😂😂 ammoh. 💣🔫

    ReplyDelete
  4. මේ මොකෙක් ගෑනද බොල කියන්නෙ??

    ReplyDelete
  5. Replies
    1. බොහොම ස්තුති සය්යා

      Delete
  6. Replies
    1. උබේ යාලුවනේ ඉතින් මූ

      Delete

Post a Comment

Popular posts from this blog

ගීතයක අරුතක් 3 - වන්නි වන පෙතේ

යමු සෙල්ල කතරගම ඔබ එන්න යනව නම්..