ගීතයක අරුතක් 2
පවනට සැලෙනා දොඹ මල් සුවඳින්
ආදර හසරැලි මුවට නැගෙයිදෝ
සවනට කොඳුරා පවසන වදනින්
ආදර හැඟුමන් සිතට දැනෙයිදෝ...
මල් ඇතිරුණු ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙනෙතින් ආලවඩයිදෝ
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයිදෝ...
ඇකයේ සිට මා පුතු හඬනා සඳ
ලේ කිරි වී දැයි නොදනිමි මා ළඳ
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ
දුටුවේ වැගිරෙන කඳුළු පමණි ළඳ...
පවනට සැලෙනා...
ගායනය : ටී.එම්.ජයරත්න
පද රචනය : ධර්මසිරි බණ්ඩාරනායක
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
මෙමෙ ගීතය ධර්මසිරි බණ්ඩාරනායක ගේ ප්‍රථම සහ අවසාන ගීත රචනය වෙනවා. ඔහු මෙය අබිනික්රමනය ලෙසද නම් කර තිබෙනවා. කේමදාස මාස්ටර්ගේ අලංකාර තනුවෙනුත් TM ජයරත්නයෙන්ගේ කටහඩිනුත් වර්ණවත් වුනු මේ ගීතය 1970 දශකයේ මැද භාගේයේදී ගුවන් විදුලි සරල ගීයක් ලෙස ගැයූ ගීතයක්.
අතිෂ සුලබ නොවන ප්‍රස්තුතයක් පදනම් කරගෙන තමිය් මේ ගීතය බන්රඩානයකයන් අතින් රචනා වෙලා තියෙන්න. කුල ගෙය හැර ගිය බිරිඳ ගැන, ඇයගේ ක්‍රියා කලාපය ගැන අයගේ සැමියා කරන ආවර්ජනාවක් තමයි මේ ගීතය තුල ගැබ් වෙලා තියෙන්නේ.
සමාජයේ බොහෝ වෙලාවට සිදු වන්නේ අපිට දකින්නට ලැබෙන්නේ , අසන්නට ලැබෙන්නේ සැමියා හැර ගිය බිරිඳ ගැන කතාවන්. හුගක් ගීත පවා එම මාතෘකාව පදනම් කර ගෙන ලියවිලා තියෙනවා. (පරසතුමල් වල සුවඳ අතීතය වැනි ගීත). නමුත් මේ ගීතය එම රටාවෙන් බැහැරට ගොස් ලියා තිබීම විශේෂත්වයක් .
මෙම ගීතයේදී බිරිඳ හැර ගිය පසු සැමියා තනි වෙන්නේ තමන්ගේ කිරි කැටි පුතත් සමගයි. මෙම අනුවේදනීය අත්ද්කීම රසික සිත් වලට කා වදින ලෙස ඉදිරිපත් කර තිබෙනවා.
"මල් ඇතිරුණු ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙනෙතින් ආලවඩයිදෝ
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයිදෝ... "
කුල ගෙය හැර ගිය බිරිඳ මල් යහනක ඉන්න බව මෙමෙ පැදි පෙලින් ඉදිරිපත් කරනවා. තම බිරිඳ තාමත් අඩවන් දෙනෙතින් පැ නුරා බැලුම් හෙලනවද කියල සැමියා ප්‍රශ්න කරනවා. එත් ඇය එම නුරා බැලුම් හෙලන්නේ වෙනත් පුරුෂයෙක් සමග බව සැමියා දන්නවා. දරුවා පියාගේ ඇකය මත මව් සෙනෙහස සොයද්දී , දරුවාගේ මව වෙනත් පුරුෂයෙකුගේ ඇකයේ පහස සොයනවා. එම නිසා මේ කිරි කටියා හදනා ශබ්දය මවට ඇසෙන්නේ නැ.
"ඇකයේ සිට මා පුතු හඬනා සඳ
ලේ කිරි වී දැයි නොදනිමි මා ළඳ
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ
දුටුවේ වැගිරෙන කඳුළු පමණි ළඳ... "
ගීතය අවසන් කොටසේදී සැමියා මේ විදයට ප්‍රකාශ කරනවා. පුංචි පුතා කොපමණ ඇඩුවත් පියාට කිරි දෙන්න වාසනාවක් නෑ. අසරණ වුනු පියා අඩමින්ත සිටින තම දරුවා දෙස බලන් ඉන්නවා. එත් ඔහුට කල හැක්කක් නෑ අසරණ වූ කිරිකැටියා දෙස බලා සිට කඳුළු සැලීම හැර.
බිරිඳ හැර ගියාට පසුව බොහෝ සැමියන් මත්පැනට ඇබ්බැහි වෙනවා , නැත්නම් ප්රචණ්ඩ වෙනවා. අවි ආයුද වලින් මේක විසදා ගන්න උත්සහ කරනවා .
එසේ නොකර තමන්ගේ හැඟුම් මේ විදියට පිට කරලා සන්සුන් වෙන්න උත්සහ කරන පියා සමාජෙට ආදර්ශවත් චරිතයක්, කලාවෙන් විය යුත්තේද මෙයය්.
2017/12/17
15.33
15.33
Patta patta.
ReplyDeletegood one...
ReplyDeletekeep it up
ReplyDeletePattama
ReplyDeleteGreat!
ReplyDelete