Is Virat Kohli an ODI legend


                        Is Virat Kohli an ODI legend






අද පැවති ඉන්දියා නවසීලන්ත පලමු එක්දින තරගයේදි ඉන්දියානු කන්ඩායමේ නායක විරාත් කෝලි තම එක් දින දිවියේ 31 වන ශතකය වාර්තා කරා. මෙය ඔහුගේ 200 වන එක් දින ජාත්යන්තර තරගයයි. තම 200 වන එක් දින ජාත්යන්තර තරගයෙදි ලකුණු ශතකයක් රැස් කල  ලොව දෙවන ක්‍රීඩකයා බවට පත් වන්නට ද කෝලී අද සමත් උනා.  ඔහුට පෙර මෙම දස්කම දක්වා තිබුණේ දකුනු අප්‍රිකාවේ AB de විලියර්ස්.

එක් දින ජාත්යන්තර තරග 199 ක්‍රීඩා කර පසු එක් එක් ක්‍රීඩකයන් ලබා ගත් ලකුනු සහ අනෙකුත් වාර්තා පිලිබන්ද පිලිබද අපි හැරි බැලීමක් කරමු .




තරග 199කට පසු එතෙක් මෙතෙක් ඉතිහාසයේ එක් දින තරග ක්‍රීඩා කල සියලුම ක්‍රීඩකයන් අභිබවා කෝලි පෙරමුන ගෙන සිටිනවා. එක් දින ජාත්යන්තර තරග වල වැඩිම ලකුනු ලබා ගත් ක්‍රීඩකයා වන සචින් තෙන්ඩුල්කාර් ද තරග 199ක් ක්‍රීඩා කල පසු ලබා ගෙන ඇත්තේ කෝලි ට වඩා අඩු ලකුනු ස0ඛ්යාවක්. 


එක් දින ජාත්යන්තර තරග 199ක් අවසානයෙදී වැඩිම ලකුනු ලබා ගැනීමේ සාමන්යක් (Highest Average) රදවා ගත් ලයිස්තුවේද කෝලි ට පෙරමුන ලබී තිබෙනවා. 



කෝලී 55.14 සාමන්යක් , The Finisher යන අනුවර්ත නාමයෙන් හදුන්වන සුපිරි කැන්ගරුමැද පෙල පිතිකරු මයිකල් බෙවන් 54.80 සාමන්යක් , පිලිවෙලින් 53.92 සාමන්යක් හා 50.96 සාමන්යක් රදවා ගත් ඩ්විලර්ස්
 හා දෝනි මීලග ස්ථාන වල පසුවෙනවා


එක් දින ජාත්යන්තර තරග 199ක් අවසානයෙදී  වැඩිම ශතක ලබා ගත් ලැයිස්තුවේද කෝලි මුල් තැන හිමි වී තිබෙනවා



දැනට කෝලි  තර්ජනයක් විය හැකි එකම පිතිකරුවා වන දකුණු අප්රිකාවේ හශීම් අම්ලා එක් දින ජාත්යන්තර තරග 156ක් අවසානයෙදි ශතක 26ක් ලබා ගෙන සිටිනවා.

එක් දින ජාත්යන්තර තරග 199ක් අවසානයෙදී Best Strike Rates ලැයිස්තුවේ කෝලි ට හිමි වන්නේ 7 වන ස්ථානයයි. 


 එම ලැයිස්තුවේ මුල් 7 දෙනාගෙන් සිව් දෙනෙකුම ඉන්දියානුවන් වීමද විශේශත්වයක්.

ඉම්පැක්ට් ෆැක්ටර් , එසේ නැත්නම් (සාමන්ය* පන්දුවට පහර දෙන වේගය )/100 අනුව ලැයිස්තුවක් නිර්මානය කල විට එහි දෙවන ස්ථානයේ කෝලි සිටිනවා. 



ඔහු දෙවනි වන්නේ AB De Villiars  ට පමනයි. තුන, හතර  සහ පස් වන ස්ථාන වල පිලිවෙලින් දෝනී, අම්ලා සහ ජොශ් බට්ලර්  රැදි සිටිනවා. 




ශතකයක් වාර්තා කිරීමට යන ඉනිම් ගණනට අදාල ලැයිස්තුවේ කෝලි දෙවනි වන්නේ දකුනු අප්‍රිකාවේ හශීම් අම්ලා ට පමනයි.


ආසන්න වශයෙන් කෝලි සෑම එක්දින තරග 7ක ට වරක් ශතකයක් වාර්තා කරනවා.මෙම ලැයිස්තුවේ මුල් 6 දෙනා ගෙන් තිදෙනෙක්ම දකුනු අප්‍රිකානුවන් වීම විශේශත්වයක්.


එක්දින තරග වල දෙවන ඉනිමේ වැඩිම ශතක වාර්තා කල ලැයිස්තුවේ ද කෝලි ට මුල් තැන ලැබි තිබෙනවා. The Chaser යන අනුවර්ත නාමයෙන් කෝලිව හදුන්වනු ලබන්නේත් අන්න ඒ නිසයි.

ශ්රි 0කාවේ තිලකරත්න දිල්ශාන්  හා සනත් ජයසුරිය මෙම ලැයිස්තුවේ තුන සහ හතර ස්ථාන වල රැදී  සිටිනවා .

නායකයෙකු වශයෙන් ක්‍රීඩා කල තරග වල වැඩිම සාමන්යක් රදවා ගැනීමට ද කෝලි ට හකියාව ලැබී තිබෙනවා. 







ස්ටිවන් ස්මිත්, කේන් විලියම්සන්, දොනී සහ ඩිවියර්ස් අභිබවමින් කෝලී පෙරමුණට පත්ව තිබෙනවා.



විරාත් කෝලි වර්තමානයේ ලකුනු රැස් කරා ආකාරයට ඔහු කෙදිනක හෝ සචින් ගේ වාර්තා සියල්ලම තමන්ගේ කර ගන්නා බව නම් පැහදිලිව පෙනෙන්නට තිබෙනවා.

නමුත් සචින්, ඔහු ලබා ගත් ලකුනු වාර්තා කලේ ක්‍රිකට් ඉතිහාසයේ හොදම පන්දු යවන්නන්  වන Glenn McGrath, Wasim Akram, Waqar Younis, Shaoib Akthar,  Murali ,Chaminda Vaas , Sahane Warne, Brett Lee, Shaun Pollock,  හා Alan Donald  එරෙහිවව වීම ද අමතක  නොකල යුතුයි. වර්තමාන ක්‍රිකට් වලට සාපේක්ශව එකල ක්‍රිකට් ක්‍රීඩා යුගය පන්දු යවන්නන්ගේ ආදිපත්ය පැතිරී තිබුණු යුගයක් බවට ද අමතක නොකල යුතු කාරණයක්.


                                විරාත්   කෝලී LEGEND OR NOT
                                                   
 You Decide



2017.10.22
08.53PM







Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Replies
    1. බොභොම ස්තූති ජොන්ටි

      Delete
  3. හොඳයි පුතා 😇👌

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යමු සෙල්ල කතරගම ඔබ එන්න යනව නම්..

ගීතයක අරුතක් 3 - වන්නි වන පෙතේ

මොකක්ද මේ deja vu?